පාසල් විවෘත වූවාට කොවිඩ් 19 හමුවේ දරුවන් අනාරක්ෂිතද? (VIDEO)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට නොහැකි වූ අතර අද (10) දිනයේ සිට සම්පූර්ණයෙන්ම පාසල් විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ.

සෞඛ්‍ය උපදෙස් මත එය ක්‍රියාත්මක අතර පාසල් තුළද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට අදාළ උපදෙස් හා නිර්දේශ ලබා දී ඇත.

කෙසේවෙතත් ඇතැම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස් මත සම්පූර්ණයෙන්ම පාසල් විවෘත වුවද දරුවන් කොවිඩ් 19 හමුවේ ආරක්‍ෂිත නැති බවයි.

ඊට අදාළ පහසුකම් රජය විසින් සෑම දරුවෙකුටම ලබා දිය යුතු වුවත් අවම වශයෙන් ප්‍රමිතියෙන් යුතු මුව ආවරණයක් හෝ ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ.

සෞඛ්‍ය අංශ විසින් එම නිර්දේශ මත පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට ලබා දී ඇති තීරණය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි වුවත් අධ්‍යාපන බලධාරීන් විසින් ප්‍රමාද වී හෝ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමර්ග විධිමත් ලෙස ගත යුතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...