තරුණයින් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම : හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර සැකකරුවකු ලෙස නම් කරයි

සටහන – රුවන් නෙළුගොල්ල

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න යළිත් නම් කර තිබේ.

2008 වසරේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ පළමු සැකකරු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට සැඟවී සිටීම සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) දිනයේදී අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න එම නඩුවේ තුන්වැනි සැකකරු වශයෙන් නම් කරන ලෙසයි.

ඒ අනුව ඔහුව එම නඩුවේ තුන්වැනි සැකකරු වශයෙන් නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර මීළඟ නඩු දිනය වන ජුලි 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට සිතාසි ද නිකුත් කිරීමට නියෝග කෙරිණි.

රවීන්ද්‍ර විජේගුණරත්න මීට පෙර ද මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නම්කර තිබුණු නමුත් පසුව නීතිපති උපදෙස් මත ඔහුව මුදාහැරීමට කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...