ප්‍රංශ සිනමාවේ විප්ලවවාදියා යාන්-ලුක් ගොඩාර්ඩ් දිවිසැරිය නිමා කරයි!

Date:

අවුරුදු 91 ක් වූ ගොඩාර්ඩ් ගේ දිවිසැරිය නිමා වන්නේ වෛද්‍ය මැදිහත් වීමෙන්?

ප්‍රංශ සිනමාව නව මාවතකට යොමුකළ විප්ලවවාදී සිනමා අධ්‍යක්ෂකවරයකු වන යාන්-ලුක් ගොඩාර්ඩ් (Jean-Luc Godard) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ගොඩාර්ඩ් 91 වෙනි වියේ පසුවිය.

ගොඩාර්ඩ් සිය දිවිසැරිය නිමාකරනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ තම නිවසේදී වන අතර, ඔහු තම අවසන් හුස්ම පොද තම බිරිඳ වූ ඈන්-මරී මිවිල් අසළ ‘සාමකාමීව’ හෙලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩාර්ඩ් ගේ අවසාන කාලය තුළ ඔහු රෝගාතුරව නොසිටි අතර, ඔහු ඉතා ‘වෙහෙසකරව’ විසූ බව වාර්තා වෙයි. ඔහුගේ වෛද්‍ය වාර්තා අනුව ගොඩාර්ඩ් බහු-ආබාධිත ව්‍යාධිවේද තත්ත්වයකින් (multiple disabling pathologies) පසුවූ බවත්, මරණයක් සිදුවීමට නියමිත විට එය ඉක්මන් කිරීම සඳහා වෛද්‍යමය වශයෙන් ඊට සහාය වීම ස්විට්සර්ලන්තයේ නීත්‍යානුකූල වන පසුබිම සලකා ගොඩාර්ඩ් ගේ මරණය ද සහාය ඇතුව සිදුකළ බවත් ඔහුගේ නීතීඥයා වූ පැට්‍රික් ජෙනෙරෙට් පවසා ඇත.

මෙය සිදුවූයේ ගොඩාර්ඩ් ගේ පූර්ව අනුදැනුම සහ කැමැත්ත මත බව ද සඳහන්.

ප්‍රංශ කලාවේ පරිකල්පනය නව මාවතකට යොමුකළ බ්‍රෙත්ලස් (Breathless) (1960) සහ ඇල්ෆාවිල් (Alphaville) (1965) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ගොඩාර්ඩ් ය.

ප්‍රංශ සිනමාවේ 50 – 60 දශකයේ “ප්‍රංශ නව රැල්ල” හෙවත් “ලා නොවෙල් වේග්” (French New Wave) නමින් ආරම්භ වූ සාම්ප්‍රදාය අතික්‍රමණය කළ චිත්‍රපට නිර්මාණ ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ ගොඩාර්ඩ් ය. මෙම ව්‍යාපාරය විප්ලවවාදී ස්වරූපයක් ගත් අතර, ඒ තුළින් චිත්‍රපට නිශ්පාදනයේ සංස්කරණය, දෘෂ්‍ය විලාසය, සහ ආඛ්‍යානය සඳහා නව ප්‍රවේශයන් හඳුන්වා දෙන ලදී.

ලා නොවෙල් වේග් ව්‍යාපාරය සමාජ සහ දේශපාලනික වශයෙන් ප්‍රංශ සමාජය අවදි කරවීමට තුඩු දුන් බව සඳහන්. එමෙන්ම ප්‍රංශ නව රැල්ල ගෝලීය සිනමා ඉතිහාසයේ වඩාත්ම බලගතු කලා විප්ලවයක් වන අතර, ගොඩාර්ඩ් ගේ දේශපාලනික උත්ප්‍රාසය තුළින් සමාජ යතාර්ථයන් පරිකල්පනීය වශයෙන් කලාවට නැංවීමට ඔහු සමත් විය.

ඡායාරූප: රොයිටර් / මිනේව්රා පික්චර්ස්

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...