පාස්කු ප්‍රහාරය : නඩු 107 නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති අධිකරණයෙන් ඉල්ලයි !

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මියගිය, සදාකාලික ආබාධිත තත්වය පත්වූ සහ තුවාල ලැබූ අයට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම් 107ක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (13) කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

මෙම පෙත්සම් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයට දන්වා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2019 අප්‍රේල් මස 22වෙනි දින ඉදිරිපත් කළ 2019 /04 දරණ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අප්‍රේල් මස 24 වැනි දින අනුමැතිය හිමිව ඇති බවත් එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව එම වන්දි මුදල් ගෙවීම සිදු කරන බවත් ය.

එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මියගිය හා සදාකාලික ආබාධිත වූ පුද්ගලයකු සඳහා රුපියල් ලක්ෂ 10ක් ද, තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක් ද, සිදුව ඇති දේපළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක උපරිමයකට යටත්ව වන්දි ද, අනුමැතිය හිමි වී ඇති බව දැනුම් දුන් අතර වන්දි ගෙවීමේ කටයුතු සඳහා හානිපූර්ණය සඳහා වන කාර්යාලයට පැවරීමටත් අමාත්‍ය මණ්ඩල සංදේශය නිර්දේශ කර ඇති බවත් නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම වන්දි ගෙවීමට රජය කටයුතු කරමින් සිටින හෙයින් අදාළ පෙත්සම් 107 නිෂ්ප්‍රභ කරන ලෙසයි නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 02 වනදාට කල් තැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...