ලොව ප්‍රථම ට්‍රිලියනපතියා ලෙස ඉතිහාසයට එක්වීමට එලොන් මස්ක් සූදානමින්

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, ඩොලර් බිලියන 735ක වත්කමක් සහිතව ලොව ධනවත්ම පුද්ගලයාගේ කිරුළ හිමිකරගෙන් සිටින එලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස ඉතිහාස පොත්වලට පිවිසීමට බොහෝ දුරට ඉඩ ඇති බව කියැවේ.

ඊයේ(11)දිනයේදී ස්පේස්එක්ස් එහි වාර්තාගත ඓතිහාසික IPO (Initial Public Offering) කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ස්පේස්එක්ස් නැස්ඩැක් කොටස් හුවමාරුවේ ආරම්භ වන විට ඩොලර් ට්‍රිලියන 1.77 ක තක්සේරුවකින් වෙළඳාම් කිරීම ආරම්භ කරන අතර, එක් එක් කොටස් ඩොලර් 135 බැගින් මිලියන 555.6 ක් අලෙවි කරයි.

මෙය ඉතිහාසයේ විශාලතම IPO නිකුතුව වන අතර මස්ක්ගේ කොටස්වල වටිනාකම පිළිබඳ ඇස්තමේන්තු ඩොලර් බිලියන 743 සිට ඩොලර් බිලියන 866.5 දක්වා පරාසයක පවතින අතර සියල්ල හොඳින් සිදුවුවහොත්, ටෙස්ලාට නායකත්වය දෙන මස්ක්, සිකුරාදා වෙළඳපොළවල් වසා දැමීමට පෙර ඔහුගේ ට්‍රිලියනපති තත්ත්වය නිල වශයෙන් තහවුරු කරනු ඇත.

ඩොලර් ට්‍රිලියන 1ක් යන්න විස්තර කිරීම අපහසු වන අතර මස්ක් සෑම දිනකම ඩොලර් මිලියන 1ක් වියදම් කළත්, එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන ඔක්ස්ෆෑම්ට අනුව, ඩොලර් ට්‍රිලියන 1ක් වියදම් කිරීමට ඔහුට තවමත් වසර 2,740ක් ගතවනු ඇත.

ආර්ථික ඉතිහාසඥයින් සඳහා වටිනාකම් ඇස්තමේන්තු සපයන ලාභ නොලබන ආයතනයක් වන MeasuringWorth Foundation ආයතනයට අනුව, ට්‍රිලියනපතියෙකු ලෙස, මස්ක් එක්සත් ජනපද දළ දේශීය නිෂ්පාදිතයෙන් දළ වශයෙන් සියයට 3 ක් ආවරණය කරනු ඇති බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...