පාස්කු ප්‍රහාරය : පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම වෙයි. හේමසිරිගේ නඩුව කල්යයි

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුව ජුලි 31 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

එම නඩුවේ පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වය විසින්ම වාචික හා ලිඛිත දේශන ඉදිරිපත් කර අවසන්ව ඇති හෙයින් ඉදිරිපත් වූ කරුණු සලකා බලා එහි තීන්දුව ජුලි 31 වනදා ප්‍රකාශයට පත්කරන බවයි විනිසුරු මඬුල්ල නිවේදනය කළේ.

මෙම චෝදනාවටම අදාළව හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුව ද ඊයේ කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා දේශන ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා දේශන ඉදිරිපත් කළ අතර ඔහුගේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සඳුදා (15) දක්වා කල් තැබීමටයි විනිසුරු මඬුල්ල නියෝග කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...