යුරෝ මිලියන 1.2ක අභරණ ළඟ තබාගත් ස්පාඤ්ඤයේ හිටපු අගමැතිට එරෙහිව විමර්ශන

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ස්පාඤ්ඤයේ හිටපු අගමැති ජෝස් ලුයිස් රොඩ්‍රිගස් සපතෙරෝගේ සේප්පුවෙන් සුඛෝපභෝගී ඔරලෝසු සහ යුරෝ මිලියන 1.2ක ස්වර්ණාභරණ සොයා ගැනීමත් සමඟ ඔහුට එරෙහිව පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

2004 සිට 2011 දක්වා පාලනය කළ සමාජවාදි සහ පාලක පක්ෂය තුළ තවමත් බලගතු සපතෙරෝ, 2021 දී ස්පාඤ්ඤ ගුවන් සේවයක් වන ප්ලස් ප්ලස් අල්ට්‍රා නඩුවේදී ගුවන් සමාගමට යුරෝ මිලියන 53 ක රජයේ ඇපකරයක් ලබා ගැනීම සඳහා සිය බලය භාවිතා කර ඒ සඳහා කොමිස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැපතෙරෝට චෝදනා එල්ල වේ.

එම පරීක්ෂණය වෙනුවෙන් බලධාරීන් විසින් පසුගිය මාසයේ ඔහුගේ කාර්යාලය වැටලීමට පෙළඹවූ අතර, එහිදී ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කළේ සැම්බියාවෙන් හෝ තායිලන්තයෙන් ආරම්භ වූ රන්, නිල් මැණික් සහ මරකත වලින් සාදා ඇති යුරෝ මිලියන 1.2 (£ මිලියන 1.02) වටිනා මාල, වළලු, මුදු සහ කරාබු සොයා ගත් බවයි.


මෙහිදී ස්වර්ණාභරණ සඳහා රේගු බදු ගෙවීම පිළිබඳ සාක්ෂි පෙන්වීමට සපතෙරෝට නොහැකි වූ වීමත් සමඟ බදු වංචාව සහ ජාවාරම සම්බන්ධයෙන් ඔහු දැන් විමර්ශනයට ලක්ව සිටී. මෙම අභරණ පවුලේ උරුමයන් බවට සඳහන් කර ඇතිමුත් මේ සම්බන්ධයෙන් සැන්චෙස්ගේ බිරිඳ සහ සහෝදරයා ඇතුළු පුද්ගලයින් ගණනාවක් ද චෝදනාවලට ලක්ව ඇති අතර ඔවුන් සියල්ලෝම වැරදි ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...