රැජිනගේ අවමංගල්‍යයට රාජ්‍ය නායකයන් රැසක් – රුසියාවට, සිරියාවට, මියන්මාරයට ආරාධනා නෑ !

ලබන 19 වැනිදා පැවැත්වෙන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා ලොවපුරා රාජ්‍ය නායකයන් රැසකට නිළ ආරාධනා සිදුකර ඇති අතර මේ වනවිටත් නිළ ආරාධනා බහුතරයක් පිළිගෙන තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ එංගලන්තයට පැමිණීම සඳහා වාණිජ්‍ය ගුවන් යානා භාවිතා කරන ලෙස බ්‍රිතාන්‍ය රජය සියලු රාජ්‍ය නායකයන්ට හා රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන්ට දැනුම් දී ඇති බවයි. අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන බටහිර ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රාජ්‍ය නායකයන් සමූහ වශයෙන් බස්රථවලින් රැගෙන යන බවද ඔවුන් වෙත දන්වා තිබෙනවා.

එහි 2500 කට පහසුකම් සැපයීමට නියමිත අතර රාජ්‍ය නායකයන් හා රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් 500 ක් ඒ අතර වේ.

යුරෝපා රටවල සියලු රාජකීය පවුල්වල ප්‍රධානීන් අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වනු ඇති අතර ඔවුන් බොහෝදෙනා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඥාතීන් වේ. බෙල්ජියම, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, මොනාකෝ යන රටවල රාජකීය පවුල් සිය සහභාගීත්වය මේ වනවිටත් තහවුරු කර ඇති බවයි බීබීසී වාර්තා කරන්නේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය බිරිඳ සමග රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන බව තහවුරු කර තිබෙනවා. කෙසේ නමුත් දේවස්ථානය වෙත බස්රථවලින් ගමන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු නායකයා අකමැත්ත පළකර තිබේ.

අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වන විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් සීමා කර ඇති නිසා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් බහුතරයකට ආරාධනා කර නොමැති අතර කෙසේ නමුත් හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට පෞද්ගලික ආරාධනාවක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තවමත් කටයුතු කරන ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝද සිය සහභාගීත්වය ස්ථිර කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඉන්දීය ජනාධිපතිනි ද්‍රව්පදී මුර්මු ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් රැසක්ද 19 වැනිදා වනවිට එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් සිටී.

අයර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, දකුණු කොරියාව, බ්‍රසීලය, තුර්කිය, ප්‍රංශය යන රටවල රාජ්‍ය නායකයන් මෙන්ම ජපාන අධිරාජයාද සිය සහභාගීත්වය තහවුරු කර තිබේ.

කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින් පින් රැජිනගේ අවමංගල්‍යය සඳහා සහභාගි වන්නේද යන්න පිළිබඳව වාර්තා වී නොමැත. ඉරානය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නිළධාරියෙකු සහභාගි කරවන බව දන්වා තිබෙනවා.

විවිධ ගැටලු හේතුවෙන් රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් වෙත නිළ ආරාධනා සිදු නොකිරීමද විශේෂත්වයකි. රුසියාව, බෙලරුස්, මියන්මාරය, සිරියාව, ඇෆ්ගනිස්තානය, වෙනිසියුලාව යන රටවල් ඒ අතර වේ. උතුරු කොරියාව සහ නිකරගුවාව වෙත දන්වා තිබෙන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නිළධාරියෙකු‌ගේ සහභාගීත්වය ප්‍රමාණවත් වන බවයි.

රුසියානු නායක ව්ලැදිමීර් පුටින් සහභාගි නොවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...