ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) එළිදක්වයි…

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW :

ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 දා) කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී.

2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යෝජනා යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවයෙන් මෙම සැලැස්ම සකස් වී ඇති අතර මෙම සංවර්ධන සැලැස්ම තුළ අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්‍රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගෙන තිබෙයි.

රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම සැලැස්ම සකස් කර ඇත. ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වෙළඳපල සඳහා සේවය සපයන තරඟකාරී, සැපයුම් දාම (Logistics) සහ දැනුම පදනම් කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රධාන දැක්මයි.

මේ හරහා නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් අපේක්ෂා කරන අතර මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු අමාත්‍යවරුන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) කළමනාකාර අධ්‍යක්ෂිකා Shannon Cowlin, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ආර්ථික විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන්, පෞද්ගලික අංශ නියෝජිතයන්, සංවර්ධන හවුල්කරුවන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...