ලංකාවට ණය දීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ නෑ – IMF ප්‍රධානී

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ඉල්ලා ඇති නමුත් ඔවුන්ට ණය සහන ලබාදීම හදිසි අවශ්‍යතාවයක් ලෙස පිළිනොගන්නා බව ජාත්‍ය්නතර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජි‌යේවා පවසනවා. ශ්‍රී ලංකාවේ පවතින තත්වය සම්බන්ධයෙන් ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව අවධාරණය කර තිබෙනවා.

ණය සහන ලබාදීමට නම් අර්බුදයේ කොටසක් පමණක් නොව සමස්ත අර්බුදයම හොඳින් දැකීම අවශ්‍ය බවත් ඒ සඳහා ණය විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජෝර්ජියේවා පවසනවා. ඉන් අනතුරුව සියලු ණය හිමියන්ට සමාන සැළකීමක් අවශ්‍ය බවත් තෙවනුව ණය හිමියන් එකතු කරන සංවිධානාත්මක සැළැස්මක් අවශ්‍ය බවත් ඇය ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණයහිමියන් වන චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු සියලු පාර්ශ්ව ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා එකඟ වියයුතු අතර ඒ සඳහා ඔවුන් කඩිනමින් සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවද IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය සඳහන් කරයි. අනෙකුත් සාධක සැළකිල්ලට ගැනීමට සිදුවන්නේ ඉන් අනතුරුව බවද ඇය අවධාරණය කරනවා.

ණයහිමි රටවල දේශපාලන අභිලාෂයද අතිශය වැදගත් බව පෙන්වා දෙන ජෝර්ජියේවා පවසන්නේ මෙය ඉතා සංකීර්ණ හා බැරෑරුම් ක්‍රියාවලියක් බවයි. කෙසේ නමුත් චීනය, ජපානය හා ඉන්දියාව සමග කඩිනමින් එකඟතාවයකට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම් ඉන් ඉදිරියට ගමන් කිරීම පහසු වනු ඇති බවද ඇය ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...