පාස්කු ප්‍රහාරයෙ මහමොළකරු අල්ලනවා කියලා අපි දීපු ඡන්ද පොරොන්දුවක් තියෙනවා. ඒ වැඩේ අනිවාර්යයෙන් කරනවා – වටගල

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඇල්ලීමේ ක්‍රියාන්විතය ක්‍රියාතමක කරන බව ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් ඒ පොරොන්දුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“අපි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීපු පොරොන්දුවක් තියෙනවා ඡන්දෙ ගන්න කලින්, මහමොළකරු ඇල්ලීමේ ක්‍රියාන්විතය අපි ක්‍රියාත්මක කරනවා කියලා. මෙතෙක් ආණ්ඩු ඒක මගහැරියා, නමුත් වත්මන් ආණ්ඩුවෙන් ඒ වැඩේ කරනවා අනිවාර්යයෙන්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි සලේ අත් අඩංගුවට අරන් තියෙන්නෙ. සලේට අපි යෝජනා කරන්නෙ මේ පරීක්ෂණ කටයුත්තට කරුණාකරලා සහයෝගය දෙන්න කියලා”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...