රනිල් – සජිත් රහස් හමුවක්. විශේෂ එකඟතාවකුත් ඇතිකර ගනී !

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පසුගිය බදාදා (17) දිනයේදී ඔවුන් හමුවී ඇති බව සඳහන්.

එහිදී ඔවුන් දෙදෙනා ඉතාම සුහදව සුවදුක් විමසාගෙන සාකච්ඡා කර ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ද ඉතාම ධනාත්මක සාකච්ඡාවක් එහිදී සිදුව ඇති බව ආරංචිමාර්ග පැවසීය.

එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මින් ඉදිරියට නායකයින් දෙදෙනා සෘජුවම එකිනෙකා සමග සාකච්ඡා කිරීමට ද එහිදී එකඟතාවකට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...