රෂිකා හෙන්නායක ජූනි 27, කොළඹ LNW :
ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්රියාවලිය යටතේ ප්රථම වතාවට පැවැත්වූ කඩදාසි රහිත නව නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවය අගවිනිසුරුවරයාගේ මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වූ අතර, මෙම නවීකරණ වැඩපිළිවෙළ මගින් ඩිජිටල් අත්සන් භාවිත කරමින් නීතිඥවරුන් 735 දෙනෙකු ලියාපදිංචි කර ඇත.
එමඟින් කඩදාසි පත්රිකා 15,000ක පමණ ප්රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.
අධිකරණ පරිපාලනයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම පරිසර සංරක්ෂණයට දායක වීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.
මීට අමතරව, ශ්රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය මේ වන විටත් මාර්ගගත ක්රමයට නඩු ගොනු කිරීමේ පහසුකම් ආරම්භ කර ඇති බව ද සඳහන් වේ.
වාණිජ මහාධිකරණය ද ඉදිරි සතියේ සිට මෙම විද්යුත් ක්රමවේදය අනුගමනය කිරීමට නියමිතව ඇති අතර, මෙය මෙරට නීති ක්ෂේත්රයේ සිදුවන විශාල පෙරළියක් ලෙස හඳුන්වා දිය හැකිය.


