විශ්‍රාම වයස ඉහළ දැමීම ඉහළම අධිකරණවල විනිසුරුවරුන්ට වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් – හකීම්

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුව දරණ උත්සාහය එම අධිකරණවල විනිසුරුවරුන්ට ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

“අධිකරණ පද්ධතියට ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් හෝ ඇඟිලි ගැසීම් සිදුනොවිය යුතුයි. ඒක මම සිදුවෙනවායි කියන්නෙ නෑ, නමුත් විශ්‍රාම යෑමේ වයස් සීමාව වැඩිකරන්න යන උත්සාහය ව්‍යංගයෙන්, වක්‍රාකාරයෙන් අධිකරණවල – විශේෂයෙන් අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි උසස්ම අධිකරණ පද්ධතියේ ඉන්න විනිසුරු මහත්ම මහත්මීන්ට ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අල්ලස් දීමක් හැටියටයි අපි දකින්නේ. ඕක නොකළ යුතුයි කියන එකයි අපේ නිගමනය. ඉතින් ඒ පිළිබඳව අපි විවෘතවම පාර්ලිමේන්තුවේ ඒ කතාව කියලා තියෙනවා”

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...