ඇමතිකම් ගත් පිරිස පක්ෂයෙන් පන්නන්න මෛත්‍රී සැරසෙයි !

වත්මන් ආණ්ඩුවට එක්ව කැබිනට් අමාත්‍ය තනතුරු සහ රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු නියෝජිතයින්ව පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව එහි පළමු පියවර වශයෙන් ඔවුන් පක්ෂයෙහි දරණ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මීට දින කිහිපයකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී පවත්වා ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි ව්‍යවස්ථාව පසුගියදා සංශෝධනයට ලක් කෙරුණු අතර පක්ෂයේ තීන්දුවලට පටහැණිව ක්‍රියාකරන ඕනෑම අයෙකු තනතුරුවලින් ඉවත් කිරීමේ බලය එම සංශෝධන හරහා පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...