ට්‍රම්ප්ගේ උපතින් පුරවැසි භාවය ඉවත් කිරීමේ නිගෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි; ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය බලාත්මක කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් මතභා්දාත්මක තීන්දුවක් ලබා දී තිබේ. එනම් එක්සත් ජනපදයේ උපත ලබන සියලුම පුද්ගලයින් සඳහා ජන්ම අයිතිය පිළිබඳ පුරවැසිභාවය අවසන් කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නියෝගයට එරෙහිව තීන්දුවක් ලබා දීමෙනි.

මෙම තීන්දුව ජනාධිපතිවරයාගේ එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තිය පරිවර්තනය කිරීමට ඔහු දරන උත්සාහයට විශාල පහරක් වන අතර 2025 ජනවාරි 20 වන දින බලයට පත්වීමෙන් පසු, තාවකාලික නීතිමය තත්ත්වයන් මත හෝ ලියකියවිලි නොමැතිව දෙමව්පියන්ට එක්සත් ජනපදයේ උපත ලැබූ අයට ස්වයංව එක්සත් ජනපද පුරවැසිභාවය ලැබීම තහනම් කිරීමට විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තැබීය.

එය අභියොගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ 6-3ක අනුමැතියක් සහිතව සම්මත වූ නව නීතිය පිළිබදව ට්‍රම්ප් පරිපාලනයේ නීතිඥයින් තර්ක කර තිබුණේ, එක්සත් ජනපදයේ උපන් සහ එහි අධිකරණ බලයට යටත් අයට පුරවැසිභාවය ලබා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය අදාළ වන්නේ එක්සත් ජනපද පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් වන දෙමාපියන් සිටින ළදරුවන්ට පමණක් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් මෙහිදී සදහන් කර තිබුණේ , වසරකට ළදරුවන් 255,000 ක් එක්සත් ජනපදයේ පුරවැසිභාවය නොමැතිව උපත ලබන බවත්, 2045 වන විට ලේඛනගත නොකළ ජනගහනය මිලියන 2.7 කින් වැඩි වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...