මේක වැඩ බැරි, අකාර්යක්ෂම, බොරු කයිවාරු ගහන ආණ්ඩුවක්. තනි පක්ෂ පාලනයකට යන්න මර්දනය ගේන එක විතරයි දන්නේ – සජිත්

ඩෙංගු රෝගය මේ තරම් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ වත්මන් රජයේ දුර්වලතා හේතුවෙන් බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දිනපතාම ඩෙංගු රෝගීන් 1000ක් එකතු වෙනවා. අද වනවිට 50,000 ඉක්මවලා ගිහින් තියෙනවා. ඒ වගේම මරණ 32යි. පරිපාලන දිස්ත්‍රික්ක 14ක, ග්‍රාම සේවා වසම් 538ක මේ ප්‍රශ්නය බොහොම බරපතළ විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය අනතුරු හැඟවීමක් කරලාත් තියෙනවා. ඒ වගේම බ්‍රිටෝ දර්ශකය අවදානම් තත්වයට පත්වෙනකොට දේශපාලන අධිකාරිය දැනුවත් කරලා තියෙනවා. ඒත් තඹ සතයකට ගණන් අරගෙන නෑ. ඒ නිසා තමයි අද ඩෙංගු මාරයා හිස ඔසවලා තියෙන්නෙ. දැන් මෙතන කරන්න ඕනෙ සෞඛ්‍ය අංශයට ඇඟිල්ල දික්කිරීම නෙවෙයි. වැඩිම ඩෙංගු ප්‍රතිශතයක් තියෙන බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ටික සක්‍රිය වෙන්න ඕනෙ. අර කම්කරු අයිතීන් වෙනුවෙන් මහලොකුවට හඬ නඟපු කඩුවෙල නගරාධිපතිවරයා අද කඩුවෙල අපිරිසිදුම නගරයක් බවට පත්කරලා ඩෙංගු ගුහාවක් බවට පත්කරලා තියෙනවා. එතකොට පළාත් පාලන ක්ෂේත්‍රය අක්‍රියා වෙලා තියෙනවා. වැඩක් කරන්න බෑ. බැඩබැරි පළාත් පාලන ආයතන. අනිත් එක පළාත් සභා තිබුණා නම් මීට වඩා හොඳට ඩෙංගු වසංගත තත්වයට මුහුණ දෙන්න තිබුණා. නමුත් පළාත් සභා ඡන්දය තියන්නෙත් නෑ පළාත් සභා පත්කරගන්න. මම මේ ඩෙංගු මාරයාගේ උදාහරණය ගන්නෙ මේ රජය ඇත්තටම වැඩබැරි ආණ්ඩුවක්, අකාර්යක්ෂම ආණ්ඩුවක්, බොරුවට කයිවාරු ගහන ආණ්ඩුවක්. හැබැයි මේ කයිවාරු ගහන ආණ්ඩුව එක දෙයක් නම් හොඳට කරනවා, ඒකාධිපතිත්වය ආඥාදායකත්වය තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්නට හැමවෙලාවෙම මර්දනය ගේනවා. අනිවාර්යයෙන්ම අපි රජයේ මර්දනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරනවා. ඩෙංගු මාරයාත් පරාජය කරන්නට ඕනෙ – වෘත්තීය සමිති ටික විනාශ කරන මාරයාත් පරාජය කරන්නට ඕනෙ. ඩෙංගු මාරයා සමානයි මේ වෘත්තීය සමිති මර්දනය කරන වර්තමාන රජය. ඒ කියන්නෙ ඩෙංගු මාරයා කරන්නෙ ජීවත්වීමේ අයිතිය අහෝසි කිරීම, වර්තමාන රජය කරන්නෙත් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කිරීම”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...