රඛිතලා ලක්ෂ 1200 අල්ලස ගනිද්දී විජේදාසත් ඩුබායිහි ඉඳලා – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1200කට සමාන මුදලක් අල්ලස් වශයෙන් ගත්බව පැවසෙන දිනවලදී එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව අල්ලස් කොමිසම ඊයේ (03) අධිකරණයට දැනුම් දී තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සිද්ධිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළාය.

“ස්වාමිනි, ප්‍රශ්නගත අල්ලස් මුදල ලබාගැනීමේ ගනුදෙනුව සඳහා මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ 2023 මාර්තු 25 වනදා, යළි පැමිණ ඇත්තේ මාර්තු 29 වනදා.

මෙකී කාලය තුළ මේ දෙවන සැකකරුගේ පියාවන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඔහු ඩුබායි රාජ්‍යයට යාමට පිටත්ව ඇත්තේ 2023 මාර්තු 21. ඒ වගේම යළි මෙරටට පැමිණ ඇත්තේ මේ සැකකරුවන් දිවයිනට පැමිණීමට දිනකට පෙර, එනම් මාර්තු 28.

ඔහු කුමන කාරණාවකට ඩුබායි රාජ්‍යයට ගියාද, එහිදී මොනවාද කළේ, කාවද හමුවුණේ කියලා සොයන්නත්, මේ අපරාධයට ඔහුගේ සම්බන්ධතාවයක් තියෙනවාද කියලා සොයන්නත් වැඩිදුර විමර්ශන කරනවා.

ඒ වගේම පසුගිය නඩු වාරයේදී අපි කිව්වා මේ සැකකරුවන් අල්ලස් අත්තිකාරම් ලෙස ලබාගත් ලක්ෂ 1,200ක මුදලින් ලක්ෂ 200ක් ආපසු ලබාදීමක් කරලා තියෙනවා කියලා. ඒ මුදල මේ පළමු සැකකාර චරිත් විසින් ලසන්ත නැමැත්තෙකුට දීලා, මිදිගම රුවන් මාර්ගයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා හරහා හරක්කටාගේ බිරිඳ වන මදුවන්තිට යවා තිබෙනවා.

එහිදී ඔය ලක්ෂ 200 චරිත් නැමැති දෙවන සැකකරු ලසන්ත නැමැත්තාට දී තිබෙන්නේ නුගේගොඩ, නාවලපාර, විජයබා මාවත කියන ස්ථානයේදී.

මේ ස්ථානය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණා එම ස්ථානයේ තමයි මේ දෙවන සැකකාර රඛිත රාජපක්ෂ නැමැත්තාගේ පියා වන විජයදාස රාජපක්ෂගේ වාසස්ථානය තිබෙන්නේ කියලා.

ඒ වගේම විමර්ශනයේදී මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා අල්ලස් ලෙස ලබාගත් මේ මුදල් මෙරටට ගෙනඒම සිදුවෙලා තියෙන්නේ උන්ඩියල් ක්‍රමවේදයට කියලා”

ඒ අනුව දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකය මත විමර්ශන අවසන් වනතුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇය ඉල්ලා සිටියා ය.

අනතුරුව සැකකාර සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසමින් ඔවුන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් ඇප ලබාදීම සඳහා සුවිශේෂී හේතු ඉදිරිපත් කිරීමක් සිදුව ඇතැයි පෙනී නොයන බැවින් සැකකරුවන් ජුලි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියම කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...