අපේ කිසිම ඇමති කෙනෙකුට, මන්ත්‍රී කෙනෙකුට අහවල් ඉඩම ඇල්ලුවා කියලා චෝදනා නෑ – ඇමති සමන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය දැනට වසර දෙකකට ආසන්න කාලයක් රට පාලනය කර ඇතත් කිසිදු මැති ඇමතිවරයකුට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමක් ගැන කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“පොහොර සහනාධාරය අපි එනකොට තිබුණේ රුපියල් 15000 යි හෙක්ටයාර් එකකට. අපි ඒක දැන් වෙනකොට ගෙනල්ලා තියෙනවා 30000 ට. මම කියනවා, දැන් අපි අවුරුදු දෙකකට ආසන්නව මේ රටේ ඇමතිකම් කරනවා, ජනාධිපතිකම් කරනවා, මන්ත්‍රීකම් කරනවා. අපේ කිසිදු ඇමති කෙනෙකුට, මන්ත්‍රී කෙනෙකුට තියෙනවාද අහවල් ඉඩම ඇල්ලුවා කියලා චෝදනාවක් ? කොතනවත් කියන්න තැනක් නෑ. මෙහෙම යනකොට ඔබ සතුටු වුණාට අර විරුද්ධවාදීන්ට රිදෙනවා”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවති ඉඩම් බලපත්‍ර බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...