රෂිකා හෙන්නායක ජූලි 04 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මාලි රාජ්යයේ හමුදා මුරපොළවල් සහ නගර කිහිපයක් ඉලක්ක කරගනිමින් කැරලිකරුවන් විසින් එල්ල කරන ලද නව ප්රහාර මාලාවක් පිළිබඳව විදෙස් මාධ්ය වාර්තා කරයි.
උතුරු මාලි ප්රදේශයේ ස්ථාපිත කර ඇති රජයේ හමුදා සහ රුසියානු සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ටුවාරෙග් බෙදුම්වාදීන් සහ වෙනත් සන්නද්ධ කණ්ඩායම් මෙම ප්රහාර දියත් කර ඇත.
රටේ උතුරේ සිට දකුණ දක්වා විහිදී ගිය මෙම ගැටුම්වලදී විශාල පිරිසක් මියගොස් ඇති අතර සිරගෙවල්වලට පවා ප්රහාර එල්ල වී ඇති බව වාර්තාවේ.
මාලි හමුදාව දැනට තත්ත්වය පාලනය කර ඇති බව ප්රකාශ කළද, එරට පවතින අස්ථාවරත්වය සහ බෙදුම්වාදී තර්ජන තවමත් උග්ර මට්ටමක පවතින බව මෙයින් පැහැදිලි වේ.
යුද හමුදා පාලනය යටතේ පවතින මාලි රජයට මෙම අඛණ්ඩ සන්නද්ධ කැරලි මර්දනය කිරීම විශාල අභියෝගයක් වී තිබේ.


