*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/19

1. රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය සියයට 60 කින් පමණ අඩු වී ඇති බව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි. – ශ්‍රී ලංකාවේ කිසිවකු බඩගින්නේ නොතැබිය යුතු බව ජනපතිවරයා උපදෙස් ලබා දී ඇත.

2. රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. – ශ්‍රී ලංකාව ආර්ථික හා විදේශ විනිමය අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව ද අවධාරණය කරයි.

3. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ණයහිමියන් වෙත දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන බව මුදල් අමාත්‍යාංශය පවසයි. – අන්තර්ක්‍රියාකාරී සැසියක් තුළින් සියලුම බාහිර ණය හිමියන්ට විවෘතව මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

4. එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනා කෙටුම්පත 2009 න් පසු ඉදිරිපත් වූ ප්‍රභලතම යෝජනාව ලෙස සැලකෙයි. – 51/1 යනුවෙන් සඳහන් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් වී සිටින අතර, මෙම යෝජනාව අනවශ්‍ය හා භේදකාරී තත්ත්වයන් නිර්මාණය කරන බැවින් රජය ඊට විරුද්ධ වනු ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

5. යුධ අපරාධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විදේශීය සහ දේශීය විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් නැති බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිල සැසිය අමතා කළ කතාවේ දී පවසයි.

6. BMICH හි පැවැත්වෙන 2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත්, ඉකුත් වසරවලට වඩා බෙහෙවින් වැඩි මිලකට!

7. කොළඹ වරායේ ධාරිතාවය සියයට 2.2 කින් පහත වැටීම නිසා 2022 පළමු මාස ​​8 තුළ පමණක් TEU (අඩි විස්සකට සමාන ඒකක) 106,760 ක අලාභයක්. – ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දේශීය ධාරිතාවයෙන් වසරින් වසර (Y-o-Y) සියයට 10.39 කින් අඩුවීම හේතුවෙන් මෙලෙස පහත වැටීම් සිදුවේ.

8. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජින වෙත අවසන් ගෞරව දක්වයි.

9. පසුගිය වසරේ X-Press Pearl MV නෞකාව කිඳාබැසීමෙන් සිදු වූ පරිසර හානිය සඳහා වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය විමර්ශනය කරන ලෙස විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා ඉල්ලා සිටියි. – පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පවසන්නේ අලාභ වන්දි මුදල ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බවයි.

10. එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු සමයන්හී දී, කුකුළු මස් සහ බිත්තර මිල සියයට 40 කින් ඉහළ යාමට ඉඩ ඇති බව කුකුළු මස් නිෂ්පාදනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි. – ආනයනික කුකුළු ආහාර සහ විටමින් වර්ග මත පැනවූ එකතු කළ අගයේ බද්ද (VAT) අඩු නොකළහොත් මෙසේ මිළ වැඩිවීමක් සිදුවන බව ඔවුන් පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan