විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පා පෝයට පන්සල් අඳුරු වෙයි !

Date:

විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල් කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන්ගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහාද දැඩි කතාබහට ලක්ව තිබේ.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේ විදුලි බිල ආගමික ස්ථානවලට දරාගත නොහැකි බවයි. මෙය බුදුදහමට එරෙහිව ක්‍රියාත්මක කුමන්ත්‍රණයක් වියහැකි බවත්, එනිසා විදුලි බිල් නොගෙවීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් සෝභිත හිමි ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මධ්‍යම පළාත් මහා සංඝ සභාව ඊයේ රැස් වූ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සඳහා එම සංඝ සභාව සූදානම් වෙනවා. ඊට අදාලව යෝජනාවක් සංඝ සභාව වෙත ඉදිරිපත්ව තිබේ.

එම යෝජනාවට අනුව එළඹෙන පුරපසළොස්වක පොහෝ දිනයේදී රටපුරා සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා අඳුරේ තබමින් ආණ්ඩුවට විරෝධය පළ කරනු ඇත. මේ සඳහා විහාර්ථානවල දායකයන්ගේ සහයෝගය ලබාගත යුතු බවටයි යෝජනා කර තිබෙන්නේ.

මධ්‍යම පළාත් සංඝ සභාවේ ගහල සිරිසාන්ත හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බොහෝ විහාරස්ථානවල විදුලි බිල රුපියල් 50,000 ඉක්මවා ගොස් ඇති බවයි. ඉදිරියේදී කඨින පිංකම් සමය එළෙඹෙන බවත්, පවතින තත්වයට උඩ කඨින පිංකම් සිදු කිරීම කෙසේ වෙතත් බල්බ් එකක් දැල්වීමට හෝ නොහැකි තත්වයක් උදාවනු ඇති බවත් සිරිසාන්ත හිමි පෙන්වා දෙනවා.

කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයන් පවසන්නේ විදුලි බිල ඉහළ දැමුවද තවමත් ආගමික ස්ථාන වෙත ලැබෙන්නේ 50% කටත් වඩා වැඩි වට්ටමක් සහිත විදුලි බිලක් බවයි. එනිසා ආගමික ස්ථාන සඳහා තවත් සහන ලබා දෙන්නැයි ඉල්ලා සිටීම අසාධාරණ බවත්, විහාරස්ථානවල විදුලි වියදමද ජනතාව මත පැටවීම ජනතාව කබලෙන් ලිපට ඇදදැමීමක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

අනෙක් පැත්තෙන් කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියකට දායක නොවී ආගමික ස්ථාන හරහා දැවැන්ත විදුලි ඒකක ප්‍රමාණයක් නාස්ති වන බැවින් විදුලි බිල සඳහා තව තවත් සහනාධාර ඉල්ලීම වෙනුවට භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණය අවම කර ගැනීම සම්බන්ධයෙන් ආගමික ස්ථානවල ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බවද සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුවේ හිටපු මහමාර්ග හා ක්‍රීඩා ඇමති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු...

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමා නායකයින් අද රාජ්‍ය සේවකයා අනාථ කරලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන...

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...