IOC සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 96 ක්

0
297

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ මෙරට මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කරන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. ඒ අනුව එම සමාගම යටතේ තවත් ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමටයි නියමිතව තිබෙන්නේ.

මේ වනවිටත් නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

වසර 20 කට පෙර ඉන්දියන් ඔයිල් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර දැනට එම සමාගම සතු ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය 214 කි.

UN