ලෝක කුසලාන විනිසුරු තීරණ පිළිබඳ චෝදනා ෆිෆා ප්‍රතික්ෂේප කරයි

රෂිකා හෙන්නායක ජූලි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව අතර පැවැති තරගයේදී එල්ල වූ විවේචන පක්ෂග්‍රාහී චෝදනා පිළිබඳව වාර්තා වූ අතර, ඊජිප්තු කණ්ඩායම තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් විනිසුරු තීරණ විවේචනය කළ ද, ෆිෆා විනිසුරු ප්‍රධානී පියර්ලූයිගි කොලිනා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

VAR තාක්ෂණය නිවැරදිව භාවිත කළ බවත් විනිසුරුවන් ස්වාධීනව කටයුතු කළ බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටී.

පදනම් විරහිත චෝදනා මගින් විනිසුරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.

පාපන්දු ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීම සඳහා විනිසුරුවන්ගේ අවංකභාවය ප්‍රශ්න නොකළ යුතු බවද පෙන්වා දෙයි.

ප්‍රවීණ විනිසුරු පියර්ලුයිගි කොලීනා අවධාරණය කරන්නේ ලෝක කුසලාන මට්ටමේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය කිසිදු ලෙසකින් ප්‍රශ්න කළ නොහැකි බවයි. ඊජිප්තු පාර්ශවයෙන් එල්ල වූ බලපෑම් පිළිබඳ චෝදනාවලට ඔහු ලබා දෙන්නේ ඍජු පිළිතුරකි.

“ලෝක කුසලාන තරග විනිසුරුවන්ගේ අඛණ්ඩතාව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට නොහැකියි. එමෙන්ම FIFA සභාපතිවරයාට පවා FIFA විනිසුරු තීරණ කෙරෙහි බලපෑම් කළ නොහැකි බව අප අවධාරණය කළ යුතුයි.” ලෙසයි.

ඊජිප්තු පිල වඩාත් කෝපයට පත් වූයේ මොස්ටාෆා සීකෝ (Mostafa Zico) ලබාගත් ගෝලය අවලංගු කිරීම පිළිබඳවයි. මෙහිදී කොලීනා පෙන්වා දෙන්නේ “ප්‍රහාරාත්මක පන්දු පාලන අවධියේදී” (Attacking Possession Phase) මර්වාන් අත්තියා විසින් ආර්ජන්ටිනා ආරක්ෂක ක්‍රීඩක ලිසැන්ඩ්‍රෝ මාර්ටිනස්ට එරෙහිව සිදුකළ වරදක් VAR පද්ධතිය මගින් හඳුනාගත් බවයි.

කොලීනාගේ තර්කය වන්නේ “වරදක් යනු වරදක්මය” (A foul is a foul) යන්නයි. විනිසුරුවරයාට පිටිය මැදදී යම් වරදක් පියවි ඇසට මගහැරුණ ද, එය තාක්ෂණික කැමරා ඇසට හසුවන්නේ නම් මැදිහත් වීමට VAR පද්ධතියට අයිතියක් ඇත. පියවි ඇසට නොපෙනෙන සුළු වැරදි පවා තරගයක ප්‍රතිඵලය වෙනස් කළ හැකි බැවින්, මෙවැනි “තාක්ෂණික මැදිහත්වීම්” යුක්ති සහගත ක්‍රීඩාවක් සඳහා අත්‍යවශ්‍ය වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...