දිස්ත්‍රික්ක කිහිපයකටම කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (10) දිනය සඳහා වලංගු වන පරිදි,අද (09) පස්වරුවේ නිකුත් කර තිබේ.

ඒ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

උක්ත දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකල යුතු මට්ටමක පැවතිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

අධික උණුසුම් කාලගුණ තුළ කටයුතු කිරීමේදී එළිමහන් වැඩ බිම්හි කටයුතු කරන විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම,සෙවන ඇති ස්ථානවල පමණක් විවේක ගැනීම,නිවෙස් තුළ සිටින රෝගීන් සහ වයස්ගත පුද්ලයන් පිළිබඳ සලිකිමත් වීම,වාහන තුළ කුඩා දරුවන් තනිව රඳවා නොයෑම,එළිමහනේ අධික වෙහෙසකර කටයුතු සීමා කිරීම,සුදු හෝ ලාපහැති ඇඳුම් භාවිතා කිරීම යන උපදෙස්ද මහජනතාව වෙනුවෙන් නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...