*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

මම ඉල්ලලා ගන්න යන්නෙ නැහැ.දුන්නොත් කරලා,හදලා පෙන්නනවා – ප්‍රවීන පාපන්දු ක්‍රීඩක මොහොමඩ් අමානුල්ලා

ඔහු ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ කිසිදාක මඟ හැර යා නොහැකි නමකි.ක්‍රීඩකයෙක් ලෙස සුපිරි දක්ෂතා ඉදිරිපත් කළ සහ වර්ථමානයේ ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහළ පුහුණුකරු ද වන ඔහු,මොහොමඩ් අමානුල්ලා ය.පාපන්දු පිටියේ පාපන්දු ලෝලීන්ගේ ආදරණීය ඇමතුමට අනුව “අමාන්” වූ ඔහු පවසන්නේ තමා කිසිවක් ඉල්ලා ලබාගෙන නැති බවත්,සභාපති පදවිය ද ඉල්ලා ලබා ගන්න සූදානම් නැති බවත්ය.නමුත් යමෙක් තමන්ට එම වගකීම ලබා දුන්හොත් ක්‍රීඩකයන්ට ඔළුව කෙළින් තබාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන බව ද,ජයග්‍රාහී තැනකට ශ්‍රී ලංකාවේ පාපන්දුව ගෙන එන බව ද අමානුල්ලා පෙන්වා දෙන්නේය.

වත්මන් පාපන්දු පරිපාලනයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් අමානුල්ලා මේ බව පැවසුවේ කොළඹ නිපෝන් හෝටලයේ ඔහු විසින් සංවිධානය කරන්නට යෙදුණ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.තමා අවුරුදු 18 දී ද ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්නට තෝරා ගත් අවස්ථාවක ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාවට තිබුණු ප්‍රශ්න සෘජුව කතා කළ අයෙක් බව පැවසූ අමානුල්ලා,ඒ ඒ අවස්ථාවලදී ක්‍රීඩකයාට සහ ක්‍රීඩාවට වන හානිය ගැන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් කතා කළ යුතු වුව ද,විවිධ වරප්‍රසාද ලබා ගැනීමටත්,එසේත් නැතිනම් පාලනයට ඇති බිය නිසාත් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ප්‍රමාණාත්මකව කතා නොකරන බව පෙන්වා දුන්නේය. නමුත් තමා දැනට ගෙවන පුහුණුකරු පඬිය නැති වුවත් මේ තත්ත්වයේ දී නිහඬව නොසිට කතා කරන බවත්,ඊට එරෙහිව සටන් කරන බවත් පැවසීය.
ක්‍රීඩකයින්ට හිස නමාගෙන සිටින්නට ඉඩ සළසා පාලකයන් ක්‍රීඩකයින්ට අයිති විය යුතු දේ විනාශ කරන බව පැවසූ මොහොමඩ් අමානුල්ලා ශ්‍රී ලංකාව තුළ දීර්ඝ කාලයක් තිස්සේ පිරිමි සහ කාන්තා යන පාපන්දු දෙවර්ගයම ක්‍රීයාවට නොනැඟෙන බවත් පෙන්වා දුන්නේය.මේ තත්ත්වය යටතේ මේ වන විට 207 වන ස්ථානයේ පවතින ශ්‍රී ලංකා පාපන්දුව තව දුරටත් පිරිහෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

පොරොන්දු වූ කිසිඳු සහනයක් මේ රටේ පාපන්දු ක්‍රීඩකයින්ට ලබා දීමට වත්මන් සභාපතිවරයා ක්‍රියා කර නොමැති බව පැවසූ අමානුල්ලා නමුත් වෙනත් පුද්ගල ප්‍රතිරූප දියුණුවට විනාශකාරී ලෙස පාපන්දුවට අයත් මුදල් වියදම් කර තිබෙන බව ද පැවසීය.වත්මන් සභාපති ජස්වර් සභාපති ධූරයට පත් වූ ආරම්භයේම ඊට පෙර හිටපු පරිපාලනය විසින් විදේශ තරඟ ලබා දෙමින් වසර දෙකක කාලයක් අඛණ්ඪව පවත්වාගෙන ගිය ජාතික සංචිත ආදිය නිසා බවත් පෙන්වා දුන් අමානුල්ලා ඒ වන විට හිටපු ලේකම් විදිහට, ජස්වර්ට එම තත්ත්වය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍යය සියලු සැළසුම් ලබා දුන්නත් ඔහු ක්‍රියාත්මක වූයේ නැති බව පැවසීය.
විවිධ මූල්‍යමය චෝදනා මෙන්ම ක්‍රීඩාව හරහා ක්‍රීඩකයින්ට ලැබෙන්නට තිබෙන වරප්‍රසාද අයිතීන් පමණක් නොව අඩුම තරමේ තරග අවස්ථා හෝ ලබා දීමට පාපන්දු පරිපාළනය ක්‍රියා කර නැත.මේ තත්ත්වයේ ඇති අර්බූදය වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තේරුම් අරගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා..ඒ නිසා පවතින පරිපාලනය ඡන්දය කල් දමමින් පාපන්දුවට කරන අසාධාරණය ක්‍රීඩා අමාත්‍යතුමා තේරුම්ගෙන තිබෙන බව මම සිතනවා.ඒ සිතුවිල්ල තමයි ඇත්තටම මේ මාධ්‍ය හමුව තියන්නත් ප්‍රධාන හේතුවක් වුණේ.

අමානුල්ලා පෙන්වා දෙන්නේ පාපන්දුවට දෙයක් නොවන බව සහ වංචා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ක්‍රීඩා අමාත්‍යවරයාට තේරී තිබෙන නිසා පාපන්දු පරිපාලනයේ කාලය අනවශ්‍යය පරිදි දීර්ඝ කරන්නට අමාත්‍යවරයා ක්‍රියා නොකිරීමට හේතුව වී ඇති බවය.(මීට පෙර අවස්ථාවකද ක්‍රීඩා අමාත්‍යවරයා කරන අවංක ප්‍රකාශ, කිරීමෙන් පසුව වෙනස් කරන්නට සිඳුවන බව අපි කීවෙමු.ක්‍රීඩා අමාත්‍යංශයේ විමර්ශන අංශයම කර තිබෙන නිර්දේශද” රටේ සියල්ල තමන්ට ඇවැසි පරිදිය” සිතන අයට අදාළ නැත.ඒ නිසා මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ උවමනාව හෝ මතය අමාත්‍යංශයේ නිර්දේශය නොවිය හැකිය.)

ඉතාම වැරදි විදිහට පළාත් තරගාවලියේදී සමහර කණ්ඩායම්වල ක්‍රීඩකයින් අපහසුවට පත්වන ආකාරයෙන් පාපන්දු පරිපාලනය කටයුතු කර තිබෙන බව පෙන්වා දෙන අමානුල්ලා එහිදී ක්‍රීඩකයින්ට කිසිවක්ම නොලැබුණු බව පවසයි.පාළකයන්ගේ ගිණුම් ක්‍රීඩකයින්ට ලැබිය යුතු දේවලින් පොහොසත්වන බව අමානුල්ලාගේ අදහසය.අවුරුදු 23 න් පහළ කණ්ඩායමේ පුහුණුවීම් නවක්වා ඇති තත්ත්වය තුළ මේ වන විටත් ක්‍රීඩකයෙක් පාපන්දු අතහැර විදේශගත වී ඇති බව පෙන්වා දෙන අමානුල්ලා එක් ක්‍රීඩකයෙක් රැකියාවකට යන බව පවසන්නේය.මාස ගණනක් කිසිවෙක්ම පුහුණුවක් නැතුව සිට නැවත ක්‍රීඩා කරන්නේ කෙසේදැයි යනුවෙන් ප්‍රශ්න කරන අමානුල්ලා,මේ වන විට ක්‍රීඩා සමාජ සඳහා තරග නොමැති තත්ත්වයක් තුළ ක්‍රීඩකයින්ගේ ආදායම අහිමි වී තිබෙන බවට ද චෝදනා නඟන්නේය.

ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ක්‍රීඩා නොකර සිඳුවන්නේ හිටිහැටියේ ලැබෙන ජාත්‍යන්තර තරගයකදී රටම තව දුරටත් අපකීර්තියට පත්වීම වුව,පාපන්දු සම්මේලනයෙන් ලැබෙන දේවලට ආශාවෙන් ඒවා දරා සිටීම කණගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දෙන්නේය.
“ක්‍රීඩකයට ඔළුව උස්සන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තමයි හැඳෙන්න ඕනි.වෙන්නෙ ක්‍රීඩකයට ඔළුව පාත් කරන් ඉන්න තැනට පත්වෙලා තියෙන එක තව දුරටත් විශාල වෙන එක.මම නායකයා ඉද්දි වගේම පුහුණුකරු ඉද්දිත් හැම වෙලේම හිතුවෙ ක්‍රීඩකයට හොඳ ජීවිතයක් තියෙන්න ඕනි බව.මම ඒ වෙනුවෙන් ක්‍රීඩා කරන මුල් කාලෙ ඉදලම කතා කරනවා.සමහර වෙලාවට ඇත්ත කතා කරලා මාව තහනමකට ලක් කරපු තැනුත් තියෙනවා.ඒත් මම හිතන්නෙම ක්‍රීඩකයා හොඳින් ඔළුව උස්සන් ජීවත්වෙන්න ඕනි බව”
අමානුල්ලා නොහොත් ලාංකේය පාපන්දුවේ පුරාවාත්තයක් බඳු “අමාන්” තව දුරටත් පැහැදිළි කරන්නේය.තමන් කණ්ඩායම සමඟ විදේශ තරගාවලියකට සහබාගි අවසාන අවස්ථාවේ පාපන්දු සම්මේලනයට පාපන්දු පාවහන් කොටස් වශයෙන් තරගයෙන් තරගයට ලබා දුන් ආකාරය සිහිකළ ඔහු,එය ද එහි සිටි මාධ්‍යකරුවන් මැදිහත්ව රැඟෙන දුන බව පැවසුවේය.

“තරගෙකට ළමෙක්ට බූට් එකක් දෙන්න බැරි වුණාට,මිලියන දහස් ගණනක් වියදම් කරලා තියෙනවා කියලා ඒකෙ උප සභාපතිම ඇවිත් කියනවා.ළමයි අද ක්‍රීඩාව නැතුව අන්තෙටම ආර්ථික වශයෙනුත් වැටිලා ඉන්නෙ.ක්‍රීඩකයො සමඟ ගිවිසුම් අත්සන් කරනවා කිව්වට ඒක වුණෙත් නැහැ.සිංදුවලට මිලියන ගාණක් වියදම් කරාට ක්‍රීඩකයින්ට තේ උගුරක් නැති පරිපාලනයක් තියෙන්නෙ.”
අමාන් නඟන මේ දීර්ඝ චෝදනා හමුවේ ඇයි ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් තමන්ට සහ ක්‍රීඩාවට යමක් නොවන තත්ත්වයක් තුළ නිහඬව සිටින්නේ යනුවෙන් නැවත නැවතත් අපි ප්‍රශ්න කළෙමු.
“ඒක තමයි ප්‍රශ්නය.පාපන්දු ගහණ පාපන්දු දන්න අය නිහඬතාවය බිඳ පෙරට පැමිණිය යුතුයි.අපි කොන්ද කෙළින් තියාගෙන හොඳට ජීවත්වෙන පාපන්දු ක්‍රීඩකයෙක් රටට දෙන්න ඕනි.මම හිතන්නෙ එහෙම.මම ක්‍රීඩා කරන කාලෙත් බයට,වාසියට ඔළුව නමාගෙන හිටියෙ නැහැ.ක්‍රීඩාව සහ ක්‍රීඩකයා වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් කතා කරා.අදත් එහෙමයි.හෙටත් එහෙමයි.”

හැබැයි එසේ ක්‍රීඩකයා සහ පුහුණුකරු භූමිකාවන් බයට හේ වාසියට ඉවසා සිටියත් ඉදිරියේදී පාපන්දු පිටියට ජීවිත දියකරපු පිරිස් මීට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව කී අමාන්,පපුවට ඉවසන් ඉන්න පුළුවන් තැන දැනටත් පහුවෙලා තියෙන්නෙ යනුවෙන් පැවසීය.ඒත් ඇත්තටම අමාන් පවසන පපුව හැමෝටම ඇද්ද යන පැනය අපි තුළ තිබෙන්නෙමු.පාපන්දු ක්‍රීඩාවට ආදරේ පිරිස් එක පොකුරකට එක්වෙන දවසක් එනකම්ම එම හැඟීම ප්‍රශ්නාර්තයක් සේ ම පවතිනු ඇත.මන්ද බොහෝ ක්‍රීඩාවන්හී ඊට සම්බන්ද අයගේ ආදරය මහා විශාල එකක් නොවී,තමන්ගේ කට බඩ අතර ප්‍රමාණයට සක්ස කර ගන්නට පාළකයින් සමත්වීමේ ඛේදවාචකය අපි බොහෝ කලෙක සිට අත් විඳිමින් සිටින්නෙමු.


RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan