සසුනෝදයෙන් පන්සල්වලට දුන්න කෝටි 48 කට වෙච්ච දෙයක් නෑ !

Date:

මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පසුගිය 2018 වසරේදී ආගමික ස්ථානවලට ලබාදුන් රුපියල් කෝටි 48 කට ආසන්න මුදලක් අවභාවිතා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ආගමික ස්ථානවල සංවර්ධන කටයුතු සඳහා මෙම මුදල් ලබා දී තිබෙන අතර සංවර්ධන කටයුතු නිසි පරිදි සිදුකර නොමැති බවයි විගණන කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් පවසන්නේ.

සසුනෝදය වැඩසටහන යටතේ මෙම මුදල් ආධාර ලබා දී තිබෙනවා.

මෙම මුදල් ලබාදීමෙන් පසුව මුදල් භාවිතා කර සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පසුවිපරම් කළයුතු නමුත් එවැනි පසුවිපරමක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදුකර නොමැති බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා මුදල් ගෙවීමේදී ආදායකයකයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම අනිවාර්ය වන නමුත් එය නිසිපරිදි සිදුව නොමැති බවයි. 2019 වසරේදී පමණක් අවස්ථා 63 කදී රුපියල් කෝටි 03 කට ආසන්න මුදලක් අවිධිමත් ගෙවීම් හේතුවෙන් අවභාවිතා වී ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...