පළාත් පාලන මැතිවරණය ඉල්ලා සජබ මැතිවරණ කොමිසමට යයි

Date:

සමගි ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාර දී තිබෙනවා. එ, කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමිනි.

පසුගිය වසරේ මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එවකට රටේ පැවති අවදානම් සහගත තත්වය හේතුවෙන් මැතිවරණය වසරකින් කල්දැමීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කටයුතු කළේය.

එම තීරණයට අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසය දක්වා කල්දමා තිබෙනවා.

කෙසේ නමුත් මැතිවරණ පනතට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය අද සිට මැතිවරණ කොමිසමට හිමි වේ. මේ සම්බන්ධයෙන් එහි සභාපතිවරයාද පසුගිය දිනවලදී අදහස් දක්වා තිබිණි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බලතල කොමිසමට ලැබී ඇති හෙයින්, පළාත් පාලන ආයතන විසුරුවා කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේගය කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  මේ වන විට, ජල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...