දකුණු චීන මුහුදේ බේරුම්කරණ තීන්දුවේ දසවන සංවත්සරය වෙනුවෙන් ජපානය කළ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW: නීතිවිරෝධී ‘දකුණු චීන මුහුදේ බේරුම්කරණ තීන්දුව’ සඳහා සහයෝගය දක්වමින් චීනයේ නිත්‍යනුකූල ස්ථාවරයට චෝදනා කරමින් ජපානය දකුණු චීන මුහුදු ගැටලුවට අදාළ පාර්ශ්වකරුවෙකු බව ජපාන විදේශ අමාත්‍යවරයා ඊයේ(12) ප්‍රකාශ කළා. චීනය, ජපාන විදේශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිමින් ඊට දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

දකුණු චීන මුහුදු කලාපයේ පිහිටි හෝ අදාළ ගැටලුවට සම්බන්ධ නොවන රටක් වශයෙන්, දකුණු චීන මුහුදු කලාපය පිළිබඳ චීනයේ භෞමික ස්වෛරීභාවය හා මුහුදු අයිතිවාසිකම් පිළිබඳව චෝදනා කිරීමට ජපානයට අයිතියක් නොමැති බවයි චීනය පවසන්නේ.

දෙවන ලෝක යුද්ධයේදී, ජපානය චීනයට බොහෝ කුරිරුකම් සිදු කළ බවත් එම කාලයේ එරට දකුණු චීන මුහුදු කලාපයේ දූපත් නීතිවිරෝධීව අත්පත් කර ගෙන ඇති බවත් වාර්තා වනවා. දැනට ජපානය ‘දකුණු චීන මුහුදු ගැටලුවට අදාළ පාර්ශ්වයක්’ ලෙස හඳුන්වා ගනිමින් එහි කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරමින් සිටිනවා.

එමෙන්ම මේ තුළින් ලෝක වාසීන්ට, ජපානයේ විදේශ ආක්‍රමණික ඉතිහාසය හා යළි මිලිටරිකරණයේ කුමන්ත්‍රණය පසක් කරන බවයි චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

තවද මෑතකදී ජපානය පිලිපීනයට යළිත් අවි ආයුධ අපනයනය කර ඇති බවත් ජපානය අවධානය යොමු කරන්නේ දකුණු චීන මුහුදු කලාපයේ අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීමට මිස, ජාත්‍යන්තර නීතියට අනුගත ව කටයුතු කිරීමට නොවන බව ද චීනය ප්‍රකාශ කරනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...