ආන්දෝලනාත්මක එයාර් බස් නඩුවේ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්!

කොළඹ LNW:ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ අතර
නඩු විභාගය ආරම්භයේදී අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම, මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තවදුරටත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියේය.

එහෙත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා මේ වන තෙක් නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර නොමැති බැවින්, ඔහු වෙනුවෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා සිය දිවි හානි කර ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

නඩුවේ දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.

ලබා දුන් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 13 වැනිදා නැවත කැඳවීමට නියම කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය සවිස්තරාත්මකව අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...