ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: මේ මොහොතේ ඕනෑම හොරෙක්, වංචාකාරයෙක්, අපරාධකරුවෙක් සමඟ එක්වී ආණ්ඩුව පෙරළීමට සිතන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්ම ඒ මොහොතේම අවසන් වන බව හිටපු අමාත්යවරයෙක් වූ වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
වත්මන් ඒකාබද්ධ විපක්ෂයට කිසිදු ප්රතිපත්ති රාමුවක් නොමැති බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.
ඒ අනුව ප්රතිපත්ති රාමුවක් නොමැති ඒකාබද්ධ විපක්ෂයක් භාරගන්නේද යන්න ජනතාවගෙනුත් විමසිය යුතුව ඇතැයි ඔහු කියා සිටියේය.
පළාත සභා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව තීන්දු කළ විට එය පැවැත්වෙන හෙයින් ජනතාව තවදුරටත් ආණ්ඩුව සමඟ රැඳී සිටින්නේද නැද්ද යන්න බලා ගත හැකි වනු ඇති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.


