නෙත්මිකා ආසියාවේ දෙකට ලෝකයේ විසි හතට

Date:

මෙවර කුවේට් හී පැවත්වෙන අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ හ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වන නෙත්මිකා මධුශානි හේරත් දක්වා ඇති දස්කම් අනුව ආසියාවේ දෙවන තැනට පත්ව සිටින අතර ලෝකයේ මේ වසරේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා අනුව ඇය සිටින්නේ මුල් 27 දෙනා අතරය.මේ වසරේ මේ දක්වා ආසියාවේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩිකාවන් දක්වා ඇති දක්ෂතා සැළකිල්ලට ගනිද්දී හොඳම දක්ෂතාවය දක්වා ඇත්තේ ජපානයේ ඉයෝන් කොන්ඩෝ ය.ඇය මීටර් 6.13 ක දක්ෂතාවයක් දක්වා ඇත.
නෙත්මිකා කොන්ඩෝගේ දක්ෂතාවයෙන් පසුව ජපානයේම කොටෝ මට්සුමුරා සමඟ සම දුරක් දරමින් දෙවන තැන සිටින්නීය.මීටර් 6.06 ක් වූ එම දුර ප්‍රමාණයෙන් පසුව මීටර් හයේ සීමාව ඉක්මවා ගිය දුර පනින්නියක අපට ආසියාවෙන් හමුවන්නේ චීනයෙන්ය.ඇය මීටර් 2.05 ක් පැන තිබෙන හුයිකොන්ග් සෙන් ය.

නමුත් ආසියාවේ අවුරුදු 18 න් පහළ ක්‍රීඩිකාවක පැන තිබෙන හොදම දුර පැන තිබෙන්නේ චීන ක්‍රීඩිකාවක වන ලු මින්ජා ය.ඇය මීටර් 6.74 ක දක්ෂතාවයක් දක්වා ඇත.ඒ 2009 වසරේ දි ය.එය මේ වසරේ අවුරුදු 18 න් පහළ බාලිකා හොඳම දක්ෂතාවය වන ස්ලොවේනියාවේ බ්‍රිනා ලිකර් දක්වා ඇති මීටර් 6.54 ක දක්ෂතාවය ද ඉක්මවා යන එකකි.ඒ නිසා ඉතා කැපවීමෙන් තමන්ගේ දක්ෂතාවය වර්ධනය කර ගැනීමට සහ නිරෝගිකම ආරක්ෂා කර ගැනීමට ඉදිරි දින කිහිපය නෙත්මිකාගේ අවධානය යොමු විය යුතුය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...