වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි මහජනතාව වෙනුවෙන් විවෘත කෙරේ!

කොළඹ LNW:ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය ස්ථානය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර තිබුණද නැවත මේ වන විට එම උප දුම්රිය ස්ථානය සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදා මගී ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එමෙන්ම මාස කිහිපයක සිට වසා දමා තිබු අකුරළ හා ආඳාදොල උප දුම්රිය ස්ථානයන් ද අද හෝ හෙට දින සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදා මහ ජනතාව වෙත අවශ්‍ය සේවා සැපයීමට කටයුතු මේ වන විට සකස් කොට තිබෙන බව සඳහන්.

මේ අතර උප දුම්රිය ස්ථාන 25 ක් සඳහා නවක උපදුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමට 2025.08.15 දින ගැසට් කරන ලද නමුත් අද දින වන විටත් එම බඳවා ගැනීමේ කටයුතු අවසන් කර ගැනීමට පාලන අධිකාරියට නොහැකි වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ.

මෙම අකාර්යක්ෂම ඉහළ කළමනාකරණය හේතුවෙන් අධික පිරිවැයක් යොදවා දුම්රි ස්ථානාධිපතිවරුන් රාජකාරිවල යොදවා ගෙන මෙම කටයුතු සිදු කිරීමට සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...