ඉදිරියේදීත් කෝච්චි පීලි පනිවී.අපිටත් විකල්පයක් නැහැ.පුළුවන් දෙයක් කරන්න උත්සහ කරනවා (VIDEO)

Date:

මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතුවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය පීලි පනින තත්ත්වයක් මතුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අද (20) දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා මාධ්‍යයට කරුණු දක්වා සිටියේය.

කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ටෙන්ඩර් විවෘත කර ගැනීමේ දුෂ්කරතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට පවතින අතර නඩත්තු කටයුතු සඳහා නව පීලි ලැබෙන විට ලබන අප්‍රේල් පමණ වන බවයි සෙනෙවිරත්න මහතා කියාසිටියේ.

කෙසේවෙතත් තාවකාලිකව හෝ ගත හැකි පියවර ගැනීම සඳහා හෙට දින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා නිරීක්ෂණයක දිමට ද නියමිතව තිබේ.

මාර්ග නඩත්තු කටයුතු සඳහා පිරිස් බලය සහ අමුද්‍රව්‍ය ලබා දීමේ ප්‍රශ්නයක් පවතින අතර ඉදිරියේදීද අනතුරු විය හැකි බවත් එය වලක්වා ගැනීම සඳහා තාවකාලිකව ගත යුතු පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරන ලදී.

දැනට කළ හැකි විකල්පයක් නැති හෙයින් විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා දැනට පැයට කිලෝමීටරයට 20ක වේගය පනවා තිබෙන අතර එම තත්ත්වය මත දුම්රිය ප්‍රමාදය වැලැක්විය නොහැකි බවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...