නීත්‍යානුකූලව ඩොලර් එවන රටවිරුවන්ට වාහන බලපත් නිකුත් කිරීම ඇරඹේ !

Date:

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩසටහනෙහි පළමු බලපත්‍රය ඊයේ (20) දිනයේදී නිකුත් කර තිබේ. මේ පළමු වාහන බලපත්‍රය ලබාගෙන ඇත්තේ දැනට විදේශගතව රැකියාව කරමින් සිටින ශ්‍රී ලාංකිකයකු විසිනි.

ඒ අනුව ඔහුගේ බලය ලත් මෙරට නියෝජිතයා වන දහම් පෙරේරා මහතා වෙත මේ බලපත්‍රය විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ප්‍රදානය කරන ලදී.

මේ වන විට විද්‍යුත් වාහන බලපත්‍ර සදහා විශේෂ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර විදෙස්ගත ශ්‍රමිකයන් බොහෝ දෙනකු අඛණ්ඩ ව මේ පිළිබද විමසීම් කරන බවත් මේ සම්බන්ධයෙන් වන තොරතුරු සහ අයදුම්පත්‍ර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකියාව ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...