කන්දකාඩු කඳවුරේ බළධාරීන් දන්නෙත් නැතුවම රැඳවියෙක් මිය ගිහින්

Date:

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියෙකු මයගොස් තිබෙනවා. අදාල රැඳවියාගේ මළසිරුර පාලු නේවාසිකාගාරයක තිබියදී හමු‌ වී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබෙන්නේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලීසිය පවසන්නේ.

වසරක දඬුවම් කාලයක් සඳහා මෙම රැඳවියා පසුගිය අගෝස්තු 28 වැනිදා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.

පුනරුත්තාපන කඳවුරේ භාවිතයට නොගන්නා නේවාසිකාගාරයක බාල්කයේ එල්ලී සියදිව නසා ගැනීමට රැඳවියා උත්සාහ කර ඇති අතර ඒ සඳහා භාවිතා කළ මෙට්ට කවරයක කොටස කැඩී ඔහු බිම වැටී තිබෙනවා. කඳවුරේ බළධාරීන් සොයා ගන්නා විට ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...