හිටපු පොලිස්පති CDගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (20) පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට නියමිතව තිබේ.

විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා වෙත ද ලබාදීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ.

සී. ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.

ඒ මහතා පෙරේදා (17) උදෑසන සිය නිවසේදී වෙඩි වැදීමකින් මියගොස් තිබූ අතර එය සියදිවි නසාගැනීමක් බවට සැකකෙරේ.

ඔහුගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ අතර එහිදී විවෘත තීන්දුවක් ලබාදී ඇත. එමෙන්ම ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරිමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

(සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියකුගේ සියදිවි නසාගැනීමකදී අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර හිමිවන්නේ නැති අතර අදාළ නිලධාරියාගේ කලත්‍රයාට ඔහුගේ විශ්‍රාම වැටුප හිමිවන්නේ ද නැත.)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...