පුංචි ඡන්දය කල්දමන අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ. මන්ත්‍රී ධුර කාලය වසරකින් දිගු වේ

පළාත් පාලන ආයතනවල සභික මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (10) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය 2023 මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කර ඇත.

2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ වත්මන් මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයක් නුදුරේදීම පැවැත්වීමට නියමිතව තිබුණ ද පළාත් පාලන අමාත්‍යවරයාගේ බලතල අනුව මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර ඇති නිසා එම මැතිවරණය ලබන වසර දක්වා කල්යනු ඇත.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනයට පහත දිගුවෙන් යොමුවිය හැකිය.

http://documents.gov.lk/files/egz/2022/1/2262-08_S.pdf

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...