සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කැරපොත්තන්ගේ ජනතා පක්ෂය (Cockroach Janta Party – CJP) විසින් සංවිධානය කළ විරෝධතාවකට සහය පළ කරමින් නවදිල්ලියේ පැවති උද්ඝෝෂණයකට එක් වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබේ.
අගමැති නරේන්ද්ර මෝදිගේ නිල නිවස ඉදිරිපිට පැවති මෙම විරෝධතාව සඳහා දහස් සංඛ්යාත පිරිසක් එක්ව සිටි අතර, අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සහ අධ්යාපන අමාත්ය ධර්මේන්ද්ර ප්රධාන් ඉල්ලා අස්විය යුතු බවට ඔවුන් ඉල්ලා සිටියහ.



මෙම ව්යාපාරය ආරම්භ වී තිබුණේ වෛද්ය ප්රවේශ විභාගයේ (NEET) ප්රශ්න පත්ර කාන්දු වීමේ සිද්ධියෙන් පසුවය. එම සිදුවීම හේතුවෙන් මිලියන දෙකකට අධික සිසුන්ට නැවත විභාගයට පෙනී සිටීමට සිදු වූ අතර, එය සිසුන්ගේ මානසික පීඩනය ඉහළ නැංවීම හා සිසුන් කිහිප දෙනෙකුගේ සියදිවි නසාගැනීම්ද මෙම අර්බුදය සමඟ සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
විරෝධතාව සඳහා 50,000කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා වන අතර, ආරම්භයේදී සාමකාමීව පැවති උද්ඝෝෂණය සවස් වන විට උණුසුම් තත්ත්වයකට පත්ව තිබේ. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් දෙපාර්ශ්වයේම පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.
මෙම විරෝධතා මාලාව අධ්යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් තරුණ ප්රජාවගේ අසතුට මෙන්ම මෝදි රජයට එල්ල වන දේශපාලන පීඩනයද තවදුරටත් ඉහළ නංවා ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

