චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, ඔවුන් අද කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.


