වාහන ආනයනය කැපී පෙනෙන ලෙස අඩුවෙලා – ඇමති අනිල්

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

වාහන ආනයනය මත සියයට 50ක අතිරේක ගාස්තුවක් (surcharge) පැනවීමෙන් අනතුරුව වාහන ආනයනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) ප්‍රකාශ කළේය.

මෙම වසරේ මුල් මාස හය තුළ වාහන ආනයනය සඳහා විවෘත කරන ලද ණයවර ලිපිවල (LCs) සාමාන්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජූලි 20 වැනි දින ඇමරිකානු ඩොලර් මිලියන 1.8ක සහ ජූලි 21 වැනි දින ඇමරිකානු ඩොලර් මිලියන 1.9ක ණයවර ලිපි පමණක් විවෘත කර ඇති බව ඔහු සඳහන් කළේය.

අදාළ අතිරේක ගාස්තුව පැනවීමට නියමිතව තිබූ අවසන් දිනය වූ මැයි 15 වැනි දින, ඇමරිකානු ඩොලර් මිලියන 23.71ක වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කර තිබූ බව මීට පෙර අනාවරණය වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...