Port City හි චීන ජාතිකයන් අතර ගැටුමක් : ගිනි අවියක්ද සොයා ගැනේ.

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

කොළඹ වරාය නගරයේදී චීන ජාතික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ වාහනයකින් පිස්තෝලයක් සහ සන්නිවේදන උපකරණයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

එම ගැටුම අතරතුර තුවාල ලැබූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු, ඊට සම්බන්ධ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ සාමාජිකයන් විසින් එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

එම ස්ථානයේ තිබී හමුවූ වාහනයක් පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝලය සහ සන්නිවේදන උපකරණය සොයාගෙන ඇත.

කොළඹ වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...