ගෝඨාභයගේ පෙත්සම වැඩිදුර සලකා බැලීම අගෝස්තු 03ට කල් යයි!

කොළඹ LNW:තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු 3 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අදාළ පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම අගෝස්තු 3 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කරන ලදී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම වළක්වාලමින් නියෝගයක් දෙන ලෙස උක්ත පෙත්සමෙන් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...