රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් ව තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමක් මුල් කරගනිමින් ඉදිරිපත් වූ මෙම යෝජනාව පිළිබඳ විවාදය පැය කිහිපයක් පුරා පැවැත්වුණු අතර, එහිදී රජය නියෝජනය කරන මන්ත්රීවරුන් බහුතරයක් අමාත්යවරයාට පක්ෂව සිය ඡන්දය ප්රකාශ කළහ.
ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් පමණක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණු ඡන්ද 152ක් ලබා ඇත.


