රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් යම් ප්රමාණයක වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්රදේශවල බොහෝ දුරට වියළි කාලගුණයක් පවතිනු ඇතැයි අනුමාන කෙරේ.
මීට අමතරව, උතුරු සහ උතුරු-මැද ඇතුළු ප්රදේශ කිහිපයක විටින් විට තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව ද දක්වා ඇත.


