නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඉන්දීය නාවිකයන් 28 දෙනෙකු ඉරානය විසින් බේරා ගනී…

රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරාන දේශසීමා ජල තීරය ආසන්නයේදී ප්‍රහාරයකට ලක්වූ, මොසැම්බික් ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක සිටි ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාම ආරක්ෂිතව මුදාගෙන තිබේ.

‘දිශා’ (DISHA) නම් මෙම ටැංකි නෞකාව ඉරාන ජල තීරයට ඇතුළු වෙමින් තිබියදී “සතුරු බලවේග”වල ඉලක්කයක් බවට පත්වීමෙන් අනතුරුව ආපදා සංඥාවක් නිකුත් කල බව සඳහන් වේ.

“සිද්ධිය සිදුවූ වහාම නෞකාව විසින් ඉරාන වෙරළාරක්ෂක බලකාය වෙත ආපදා ඇමතුමක් ලබා දෙන ලදී,” යනුවෙන් ඉරානයේ ඉන්දීය තානාපති මොහොමඩ් ෆතාලි ANI පුවත් සේවයට පවසා ඇත .

“ඊට ප්‍රතිචාර වශයෙන්, අදාළ ඉරාන සමුද්‍රීය සහ මුදාගැනීමේ බලධාරීන් ප්‍රමාදයකින් තොරව එම ස්ථානය වෙත යොදවා කඩිනමින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඉන්දීය ජාතිකයින් 28 දෙනා ඇතුළු නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව මුදාගත් අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

“කලාපයෙන් පිටත හමුදා බලවේගවල පැවැත්ම සහ මැදිහත්වීම මගින් කලාපයේ ආරක්ෂාව වැඩිදියුණු වී නොමැති බවත්, ඒ වෙනුවට එමගින් උණුසුම් තත්ත්වයන් සහ අස්ථාවරත්වය ඉහළ යාමට දායක වී ඇති බවත් අත්දැකීම් මගින් නැවත නැවතත් තහවුරු වී තිබේ.” හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ විදේශීය නාවික හමුදා මැදිහත්වීමක් සිදුවීම පිළිබඳව ෆතාලි අනතුරු ඇඟවීමක් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...