2029 දී මම නැවත පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරව බන්ධනාගාරගත කරන බව සහතික කරනවා: අර්චුනා

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මත්පැන් පානය කර නින්දේ පසුවූ බව ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

“එහිදී සිදුවෙමින් පැවති දේ පිළිබඳව අමාත්‍යවරයා දැන සිටියේ නැහැ,” යැයි ඔහු පැවසීය.

“මම 2029 වසරේදීත් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය නානායක්කාරව බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ අධිකරණ අමාත්‍යවරයා මත්පැන් පානය කිරීම ඔහුගේ පෞද්ගලික කාරණයක් බවයි. “මේ මන්ත්‍රීවරු කතා කරන්නේ අමාත්‍යවරයාගේ බීම වීදුරුවට සෝඩා දැමුවේ ඔවුන් වගේ. ගැටුමෙන් පසුව අමාත්‍යවරයා තම රාජකාරිය ඉටු කළා. ගැටුමට ලක්වූවන් වෙනුවෙන් ඔහු සියලු දේ සිදු කළා,” යැයි ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...