*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි

අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 සැප්තැම්බර් 17-20 යන දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය. ජනාධිපතිවරයා සැප්තැම්බර් 18 වැනි ඉරු දින, ජනාධිපති ආර්යාව වන මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මැතිනිය සහ එක්සත් රාජධානියේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය සමඟ එක්ව, වෙස්ට්මිනිස්ටර් මාළිගයේ තැන්පත් කොට තිබූ දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට ගෞරව දැක්වීම සඳහා සහභාගී වූ අතර, ඉන් අනතුරුව තුන්වැනි චාල්ස් රජු බකිංහැම් මාළිගය තුළ සංවිධානය කළ සංග්‍රහයකට ද සහභාගී විය.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව, සැප්තැම්බර් 19 වැනි සඳුදා දින වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වූහ. මෙම අවස්ථාවට ලෝක නායකයන්, රාජකීයයන්, රැජිනට අනුග්‍රහය දක්වන නියෝජිතයන්, මහජන නියෝජිතයන් ඇතුළු අමුත්තන් දෙදහසක් පමණ සහභාගී වූහ. එදිනම ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ශෝක පණිවුඩ සඳහන් ග්‍රන්ථයට අත්සන් තැබී ය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ ලෝක නායකයන් සඳහා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අති ගරු ජේම්ස් ක්ලෙවර්ලි මැතිතුමා විසින් චර්ච් හවුස්හි දී සංග්‍රහයක් පවත්වන ලදී.

ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් ද හමුවිය. පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් සහ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමට පෙර වසර 20 ක් මුළුල්ලේ ලංකාව දීර්ඝ කලක් පාලනය කළ රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් රැජින ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ විශේෂ ළැදි බව සිහිපත් කළ ජනාධිපතිවරයා, එතුමියගේ අභාවය යුගයක අවසානය සනිටුහන් කරන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව සිය ඩයස්පෝරාව සම්බන්ධයෙන් අභිමානයට පත්වන බවද, එතුමා තවදුරටත් සඳහන් කළේ ය. වෙළඳාම, සේවා, ව්‍යාපාර යනාදී වශයෙන් එක්සත් රාජධානියේ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක් තුළ තම සලකුණ සනිටුහන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවට සුබ පැතුම් පිරිනැමූ එතුමා, අපගේ මාතෘ භූමිය ගොඩනැගීමට සහය වීම සඳහා ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයන් ලෙස එකට එක්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් සඳහා පිහිටුවීමට යෝජිත ධුරය පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුම්වත් කළ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා,  ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ඔවුන්ට ආරාධනා කළේ ය. ලාභ නොලබන විශ්වවිද්‍යාල යාපනයේ සහ කොළඹ පිහිටුවීම සඳහා දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇති බව එතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහාත්, සමාජ ක්‍රම ගොඩ නැගීම සහ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීම සඳහාත් ශ්‍රී ලංකාව සිය ආර්ථිකය තරඟකාරී අපනයන නැඹුරුවක් බවට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 20 වැනි දින පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් රැජිනගේ නීතිඥ ගරු පැට්‍රීශියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු වූ අතර, එහිදී ඔවුහු පොදු රාජය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සමඟ ශ්‍රී ලංකාව පවත්නා බැඳීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. එතුමා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ද වැඩම කළ අතර එහි දී විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වන පූජ්‍ය ආචාර්ය බෝගොඩ සීලවිමල හිමි ජනාධිපතිතුමාට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද කළහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ලන්ඩන්
2022 සැප්තැම්බර් 21 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan