රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :
හිටපු අමාත්ය ශාන්ත බණ්ඩාරගේ පුත්රයෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු මුදල් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් සොරකම් කිරීමේ චෝදනාව මත මොවුන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් සැකකරුවන්ට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප නියම කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන සිදුවන අතරතුර සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය.


