John Keells Holdings වෙතින් ශ්‍රී ලංකාවට දැවැන්ත සර්ප්‍රයිස් එකක්! ලොව ප්‍රසිද්ධ Wendy’s අවන්හල දෙසැම්බර් 2026දී මෙරටට

සටහන – පුලී

ජූලි 29, LNW (කොළඹ):  ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්ෂණික ආහාර (Quick Service Restaurant – QSR) වෙළෙඳපොළට නව පරිච්ඡේදයක් එක් කරමින්, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) විසින් ලොව ප්‍රකට Wendy’s අවන්හල් ජාලය මෙරටට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. 

සමාගමේ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කරමින් මේ බව අනාවරණය කළ අතර, පළමු Wendy’s ශාඛාව 2026 දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට නියමිත බව සඳහන් කර ඇත.

JKH සඳහන් කළේ, සිය Consumer Foods ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. ඒ සඳහා අවශ්‍ය සියලුම ප්‍රධාන ෆ්‍රැන්චයිස් ගිවිසුම් සහ මූලික සූදානම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් සමාගම පවසයි. මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්ෂණික ආහාර වෙළෙඳපොළ තුළ නව තරඟකාරීත්වයක් ඇති කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

1969 වසරේ එක්සත් ජනපදයේ ආරම්භ කළ Wendy’s, අද වන විට රටවල් 30කට අධික සංඛ්‍යාවක අවන්හල් 7,000කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන ලොව විශාලතම ක්ෂණික ආහාර සන්නාම අතරින් එකකි. එහි සුවිශේෂී හතරැස් හැඩයේ බීෆ් බර්ගර්, රසවත් චිකන් සැන්ඩ්විච්, ක්‍රිස්පි ෆ්‍රයිස් සහ ජනප්‍රිය Frosty අයිස්ක්‍රීම් අතුරුපස ලොව පුරා ආහාර රසිකයින් අතර විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ.

Wendy’s ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ජාත්‍යන්තර ක්ෂණික ආහාර සන්නාම සඳහා මෙරට පාරිභෝගිකයන්ගේ තේරීම් තවත් පුළුල් වනු ඇති අතර, ආහාර වෙළෙඳපොළේ නව උද්යෝගයක් ද ඇතිවනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, මෙරට පළමු Wendy’s ශාඛාව විවෘත වන්නේ කොතැනද යන්න සහ එහි මෙනුව ශ්‍රී ලාංකික රසයට ගැළපෙන ආකාරයෙන් වෙනස් වේද යන්න පිළිබඳවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...